දත්ත සන්නිවේදනය
දත්ත සන්නිවේදනය දත්ත සන්නිවේදනය යනු දත්ත සහ තොරතුරු , සම්ප්‍රේෂණය ( හුවමාරු ) කර ගැනීමයි. දත්ත සන්නිවේදනය සඳහා අවශ්‍ය මුලික අංග දත්ත සන්නිවේදනය සඳහා අවශ්‍ය මුලික අංග තුනකි. දත්ත ප්‍රභවය -දත්ත සම්ප්‍රේෂණය කරන්නා සම්ප්‍රේෂණ මාධ්‍යය - දත්ත සම්ප්‍රේෂණය කිරිමට යොදා ගන්නා මාධ්‍යය දුරකථන රැහැන් (විරෙඩ්) ,රැහැන් රහිත (විරෙලෙස්ස්) දත්ත ග්‍රාහකයා- දත්තය ලබන්නා දත්ත සම්ප්‍රේෂණ විධි දත්ත සම්ප්‍රේෂණ විධි ප්‍රධාන ආකාර තුනකි. 01.ඒකපථ මෙහිදි දත්ත ගමන් කරන්නේ දත්ත ප්‍රභවයේ සිට දත්ත ග්‍රාහකයා වෙත පමණි . උදා- රූපවාහිනි දර්ශන නැරඹිම. ගුවන් විදුලියට සවන් දීම. 02. අර්ධ ද්විපථ මෙහිදි දත්ත සම්ප්‍රේෂණය වන්නේ වරකට එක් දිශාවකට පමණි. එනම් ප්‍රභවයේ සිට ග්‍රාහකයා වෙතට දත්ත සම්ප්‍රේෂණය වීම අවසන් වු විට පමණක් ග්‍රාහකයා සිට ප්‍රභවය වෙතට දත්ත සම්ප්‍රේෂණය කළ හැකිය. උදා- වෝකී ටෝකි 03.පුර්ණ ද්වි...