දත්ත සන්නිවේදනය

දත්ත සන්නිවේදනය

දත්ත සන්නිවේදනය යනු දත්ත සහ තොරතුරු , සම්ප්‍රේෂණය ( හුවමාරු ) කර ගැනීමයි. 






දත්ත සන්නිවේදනය සඳහා අවශ්‍ය මුලික අංග


දත්ත සන්නිවේදනය සඳහා අවශ්‍ය මුලික අංග තුනකි.
  • දත්ත ප්‍රභවය -දත්ත සම්ප්‍රේෂණය කරන්නා
  • සම්ප්‍රේෂණ මාධ්‍යය - දත්ත සම්ප්‍රේෂණය කිරිමට යොදා ගන්නා මාධ්‍යය දුරකථන රැහැන් (විරෙඩ්) ,රැහැන් රහිත (විරෙලෙස්ස්)
  • දත්ත ග්‍රාහකයා- දත්තය ලබන්නා 
                      


දත්ත සම්ප්‍රේෂණ විධි

දත්ත සම්ප්‍රේෂණ විධි ප්‍රධාන ආකාර තුනකි.


01.ඒකපථ 
  මෙහිදි දත්ත ගමන් කරන්නේ දත්ත ප්‍රභවයේ සිට දත්ත ග්‍රාහකයා වෙත පමණි.
 උදා-
 රූපවාහිනි දර්ශන නැරඹිම.
ගුවන් විදුලියට සවන් දීම.  
02. අර්ධ ද්විපථ 

මෙහිදි දත්ත සම්ප්‍රේෂණය වන්නේ වරකට එක් දිශාවකට පමණි. 
එනම් ප්‍රභවයේ සිට ග්‍රාහකයා වෙතට දත්ත සම්ප්‍රේෂණය වීම අවසන් වු විට  
පමණක් ග්‍රාහකයා සිට ප්‍රභවය වෙතට දත්ත සම්ප්‍රේෂණය කළ හැකිය. 
උදා-
වෝකී ටෝකි
03.පුර්ණ ද්විපථ - 

මෙම ක්‍රමයේදි එක විට දෙදිශාවටම දත්ත සම්ප්‍රේෂණය වේ.
උදා-
දුරකථන සංවාද

සම්ප්‍රේෂණ මාධ්‍යය

සම්ප්‍රේෂණ මාධ්‍යයපද්ධති අතර සම්බන්ධතාවක් ගොඩ නැංවීම සඳහා වැදගත් වන තවත් එක් අංගයක් වන්නේ සම්ප්‍රේෂණය සඳහා යොදා ගනු ලබන මාධ්‍යයයි. ප්‍රධාන වශයෙන් සම්ප්‍රේෂණ මාධ්‍යයන් දෙකකි.
  1. නියමු මාධ්‍යය 
  2. නියමු නොවන මාධ්‍යය 

නියමු මාධ්‍ය -  සම්ප්‍රේෂණය සඳහා යොදා ගන්නා මාධ්‍යය භෞතික මාධ්‍යයක් නම් එය නියමු මාධ්‍යක් ලෙස දැක්විය හැකිය.
 01. ඇඹරූ කම්බි යුගල 

  • නොවැසුණු ඇඹරූ කම්බි යුගල -
  1. දුරකථන සම්බන්ධතා සඳහා යොදා ගනි.
  2. මේවා ඉතා නම්‍යශිලි වේ.
  3. ලාභ දායි වේ.
  4. 100 ම් ක උපරිම දුරකට දත්ත සම්ප්‍රේෂණය සඳහා සුදුසු වේ.

  • වැසුණු ඇඹරූ කම්බි යුගල
  1. බරින් අධික වේ.
  2. වියදමින් අධික වේ.
  3. දත්ත සම්ප්‍රේෂණ තත්ත්වය වර්ධනය 
  4. සහ ආරක්ෂා කිරීම සිදු කරයි.
02.සමාක්ෂ යොත් (සමාක්ෂ කේබලය)

  1. සන්නායක කේබල යුගලකින් සමන්විත සමාක්ෂ කේබලයෙහි තඹ කම්බි දැලක් ආකාරයට වු පිටත කේබලය, මධ්‍ය කේබලය වටා විද්‍යුත් චුම්බකත්වයක් ඇති කරනු ලබයි.
  2. මෙම කේබල මිලෙන් අධිකය.
  3. රූපවාහිනි ඇන්ටෙනා කේබල ලෙස යොදා ගනි.


03. ප්‍රකාශ තන්තු 


  1. මෙම කේබලයද සන්නායක කේබල යුගලකින් සමන්විතය.
  2. මධ්‍යයස්ථය විදුරු බටයක්ද, ඒ වටා සිහින් වීදුරු තන්තු ද ඇත.මෙම කේබල් යුගලය වෙන් කිරීමට ප්ලාස්ටික් ආවරණයක් ද ඇත.
  3. දත්ත සම්ප්‍රේෂණයේදි ආලෝකය පරාවර්තනය වේ.මෙය රශ්මි චක්‍රීකරණය ලෙස හඳුන්වයි.
  4. මිලෙන් අධික වේ.
  5. නවීන දුරකථන ජාලවල භාවිත වේ.

නියමු නොවන මාධ්‍යය -භෞතික මාධ්‍යය යොදා ගැනිමකින් තොරව වාතය හරහා සංඥා ලෙස දත්ත සම්ප්‍රේෂණය කිරිම නියමු නොවන මාධ්‍යය ලෙස හැදින්වේ.
  • ගුවන් විදුලි තරංග-දත්ත සම්ප්‍රේෂණය සඳහා ගුවන් විදුලි තරංග මාධ්‍යය යොදා ගැනේ.
    උදා-වයි ෆයි,බ්ලූටූත්
  • ක්ෂුද්‍ර තරංග 
මෙහිදි දත්ත ගමන් කරන්නේ එක් රේඛාවකට බැවින් සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන එකිනෙකාට දර්ශනය විය යුතුයි.
  1. චන්ද්‍රිකා සම්ප්‍රේෂණයේදි ක්ෂුද්‍ර තරංග ආකාරයට දත්ත සම්ප්‍රේෂණය වේ.
  2. ඒවා සම්ප්‍රේෂණය වන්නේ සම්ප්‍රේෂ ප්‍රතිචාරක ලෙසටය.
  3. චන්ද්‍රිකා මධ්‍යස්ථාන කි.මි. 36000 ඉහළ අහසේ රඳවා ඇත.
  4. මේ මඟින් ඕනැම දුරකට දත්ත සම්ප්‍රේෂණය කර ගත හැක.
  5. අන්තර්ජාලයේ සන්නිවේදනයට භාවිතා කරයි.

  • අධෝරක්ත කිරණ-
  1. රූපවාහිනී දුරස්ථ පාලකවල භාවිතා වේ.
  2. රැහැන් රහිත යතුරු පුවරු සහ මුසික පාලනය සඳහා ද මේ මාධ්‍යය යොදා ගනි.









Comments

Post a Comment